Perseverance Rover ගවේෂණ යානය අඟහරු මතට සාර්ථකව ගොඩබසී

දින 203 ට ආසන්න පියාසර කාලයක් පුරා සැතපුම් මිලියන 230ක් පමණ ගමන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා වෙලාවෙන් 2021 පෙබරවාරි 19 දින...

· 1 min read
Perseverance Rover ගවේෂණ යානය අඟහරු මතට සාර්ථකව ගොඩබසී
මෙම ලිපිය කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි තාරකා විද්‍යා සංගමයේ සාමාජික සවන් වංසජ මාපලගම සොයුරා විසින් ලියැවුණකි.

අතීතයේදී අඟහරු ග්‍රහයා මත ජීවයක් පැවතුනාද යන්න පිළිබඳව සොයා බැලීම මූලිකවම අරමුණු කරගනිමින්, පසුගිය වසරේ (2020) ජූලි මස 30 වන දින "Perseverance" රෝවරය ඇතුළත් Atlas V 541 රොකට්ටුව අඟහරු ග්‍රහයා බලා පිටත් වූණා.

දින 203 ට ආසන්න පියාසර කාලයක් පුරා සැතපුම් මිලියන 230ක් පමණ ගමන් කිරීමෙන් පසුව එය 2021 පෙබරවාරි මස 18 දින සවස 3.55 ට (ශ්‍රී ලංකා වෙලාවෙන් 2021 පෙබරවාරි 19 දින අලුයම 2ට පමණ) "Perseverance" රෝවරය අඟහරු ග්‍රහයාගේ "Jezero" ආවාටය මතට සාර්ථකව ගොඩ බැස්ස බව නාසා ආයතනය මගින් තහවුරු කලා. ඒ වගේම මේ අවස්ථාව සජීවීව දැකබලා ගැනීමටත් ඔවුන් කටයුතු සලාසා දී තිබුනා. ඒවගේම ගොඩ බැස්ස මොහොතේම අඟහරු ග්‍රහයා මත ලබාගත් ඡායා රූප කිහිපයක් නාසා ආයතනයට එවා තිබුනා.

අඟහරු ග්‍රහයා වෙත මින් පෙර අවස්ථා 4කදී විවිධ යානා යවා තිබෙන අතර, මෙය එහි ගොඩබසින පස්වන යානයයි. මෙහි විශේෂත්වය නම් රෝවරය ගොඩ බැසීමේදී යොදාගත් ස්‍වයං දත්ත විශ්ලේෂක තාක්ෂණය. ඒ මගින් රෝවරය ගොඩ බැසීමට ප්‍රථම ඒ අවට පරිසරය ගැන දත්ත විශ්ලේෂණයෙන් ගොඩ බෑමට නියමිතම ස්ථනයට ගමන් කිරීමට හැකිවෙන පරිදි සකසා තිබුනා. (මින් පෙර යැවූ යානා බොහෝමයක් ගොඩ බැසීමට බලාපොරොත්තු වූ ස්ථානයට වඩා කිලෝමීටර ගණනින් ඈතින් වූ ස්ථාන වලට ගමන් කර තිබුනි)

තාක්ෂණය අතින් දියුණුම තත්වයේ පවතින මෙහි එක් විශේෂත්වයක් නම් වෙනත් ග්‍රහලෝකයක් වෙතට හෙලිකොප්ටරයක් රැගෙන ගිය ප්‍රථම යානය මෙයයි. එම හෙලිකොප්ටරය නම් කර තිබෙන්නේ Ingenuity ලෙසින්. ප්‍රමාණයෙන් ඉතා කුඩා වන මෙහි ස්කන්ධය කිලෝග්‍රෑම් 1.8 ක් පමණ වන අතර මීටර 1.2 ක් දිග කාබන් ෆයිබර් වලින් සෑදුන අවර පෙති දෙකකින් යුක්තයි. අඟහරු මත වායු ඝනත්වය ඉතා අඩු නිසා ඊට එරෙහිව ක්‍රීයා කිරීමට සුදුසු වන පරිදි අඩු ස්කන්ධයකින් සහ වේගවත් රොටරයකින් සමන්විත වනවා.

මීට පෙර යවූ යානාවල නොතිබුනු තවත් විශේෂ අංගයක් මෙහි ඇතුලත් කර තිබුනා. ඒ තමා ග්‍රහලෝකයක් මත ඇසෙන ශබ්ද පටිගත කල හැකි උපාංගයක් මෙම රෝවරයට සවි කර තිබුනා. එමගින් අඟහරු මත ඇසෙන ශබ්ද පටිගත කර අපවෙත එවීමටත් නියමිතයි.

රෝවරය ගොඩ බැස්සවීමට Jezero ආවාටයම තෝරාගත්තේ ඇයිද යන්න ගැන ඔබට ප්‍රශ්නයක් තිබෙන්නට පුලුවන්. ඊට හේතුව තමා මෙම ආවාටයේ අතීතයේ ජලය පිරී තිබූ බව විද්‍යාඥයන් සැක කිරීමයි. එහි දෙපසකින් ජලය රැගෙන ඒමට සහ ඉවතට ගලා යාමට හැකි පරිද්දෙන් සැකසුනු අගල් දෙකක් දක්නට ලැබෙනවා. මෙහි ඉහළ ප්‍රදේශයේ ඩෙල්ටාවක් බඳු ස්ථානයක් තෝරා එම ස්ථානයටයි රෝවරය ගොඩ බැස්සේ. ඩෙල්ටාව තෝරා ගැනීමට ප්‍රධානම හේතුව නම්, ජලය පැවතුනා නම් මෙම ඩෙල්ටාව බඳු ස්ථානයේ අතීත ජීවයටන්ට අදාල වන සාධක බොහෝ ප්‍රමාණයක් රැඳී තිබෙන නිසායි.

Jezaro ආවාටය
Jezero ආවාටය තුල තිබෙන ඩෙල්ටාව, සහා ජලය ගෙන ආවා යැයි සැක කරන අගල.

මෙය අඟහරු මත තිබෙන පාෂාණ සහ පස් සාම්පල ලබාගෙන වැඩිදුර විශ්ලේෂණය සඳහා ඉදිරි දශකය තුලදී පෘථිවියට එවීමටත් නියමිතයි. සියල්ලම නියමිත පරිදි සිදුවන්නේ නම් එම සාම්පල 2031 වන විට පෘථිවිය වෙතට පැමිනෙනු ඇති.

මෙම යානව ඉදිරි වසර දෙකක් පුරා අඟහරු මත ගවේෂණය කරමින් ඡායාරූප, අඟහරු මත ශබ්දයන් වැනි තොරතුරුද ඇතුලුව බොහෝ දේ ලබා දීමට සූදානමින් සිටිනවා.

සවන් වංසජ මාපලගම
ආදි නාලන්දීය තාරකා විද්‍යා සංගමය

logo
logo