35 වසරක් සපිරෙන චර්නොබිල් න්‍යෂ්ටික අනතුර

1986 වර්ෂයේ අප්‍රේල් 26 වන දින යුක්‍රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ දරුණුම න්‍යෂ්ටික අනතුර සිදු වෙලා අදට වසර 35ක් සපිරෙනවා.

· 1 min read
35 වසරක් සපිරෙන චර්නොබිල් න්‍යෂ්ටික අනතුර

මම හිතන්නේ මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් චර්නොබිල් න්‍යෂ්ටික අනතුර පිළිබඳව දන්නවා ඇති. මේ සිදු වීම පාදක කරගෙන 2019 අවුරුද්දේ HBO නාලිකාව නිර්මාණය කරපු, IMDB #1 වුන හොදම රුපවාහිනි කතා මාලාවකුත් තියෙනවා. මම නම් හිතන්නේ නෑ මේක නොබලපු කෙනෙක් ඇති කියලා.

ඒ නිසා ඒ ගැන සහ චර්නොබිල් සිදු වීම ගැන ලොකු විස්තරයක් කියන්නේ නැතුව, මේ සිදු වීමේ වුනු වැදගත් අවස්ථා කිහිපයක් ගැන බලමු. මුලින්ම කියන්න ඕන මේක බලලා මාත් පිස්සෙක් උනා. දවස් 3ක් විතර යනකන් මේ සිදු වීම ගැන, න්‍යෂ්ටික බල ශක්තිය ගැන සහ ලෝක ඉතිහාසයේ මේ වගේ සිදු වුනු සිදු වීම් ගැන මම එක දිගට හෙවුවා. YouTube එකේ තියෙන්න ඔක්කොම විඩියෝස් බැලුවා. අන්තිමට මට රෑට නින්ද ගියෙත් නෑ, හීනෙන් පේන්න ගත්තා මේවා.

1986 වර්ෂයේ අප්‍රේල් 26 වන දින යුක්‍රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ දරුණුම න්‍යෂ්ටික අනතුර සිදු වෙලා අදට වසර 35ක් සපිරෙනවා. ඉතින් මේ සිදු වීම පිලිබදව අපි තව දුරටත් කරුණු සොයා බලමු.

මේ සිදු වීමට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕන සෝවියට් සමුහාණ්ඩුව. මොකද RBMK-1000 වර්ගයේ ප්‍රතික්‍රියාකාරක නිර්මාණය වන්නේ සෝවියට් දේශය ඇතුලත විතරයි. ඇත්තෙන්ම කිව්වොත් මෙහි තියෙන නිර්මාණාත්මක දෝෂ සහ චර්නොබිල් බලාගාරයේ ක්‍රියාකරුවන්ගේ නොසැලිකිලිමත්  බවත් ඔවුන්ට අවශ්‍ය පුහුණුව නැතිකම නිසාත් තමයි මේ සිදු වීම සිදු වුනේ. පිපිරිම සිදු වුනේ බලාගාරයේ 4 වෙනි ප්‍රතික්‍රියාකාරක තුල. ඒ වෙනකොට ප්‍රතික්‍රියාකාරක 5 සහ 6 ඉදි වෙමින් පවතින ගමන් තමයි තිබුනේ.

චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය

ගොඩක් දෙනෙක් දන්නවා පිපිරිම සිදු වුනේ පරීක්ෂණයක් කරන අතර තුර කියලා. ඇත්තම සිදු වීම තමයි, මේ බලාගාරයේ 4 Rector එක වැඩ ඉවර කරන්න ඕන කාලෙට කලින් වැඩ ඉවර කරපු එක සහ එකෙන් පස්සේ බලාගාරය බල ගන්වන්න කලින් දියත් කරන්න ඕන අත්හදා බැලීමේ පරීක්ෂණ පන ගැන්වීමෙන් පසු ක්‍රියාත්මක කිරීමයි. ඒ කියන්නේ 4 කොටස සෝවියට් දේශයට විදුලිය ලබා දෙන අතරතුර තුර තමයි මේ අත්හදා බැලීමේ පර්යේෂණ සිදු කරේ.

පුපුරා යන ලද
පුපුරා යන ලද 4 ප්‍රතික්‍රියාකාරකය

අනෙක් කාරණය තමයි මේකේ තිබ්බ නිර්මාණයේ ලොකුම ගැටලුව. චර්නොබිල් කතාවේ අවසන් නඩු තීන්දුවේදී මේ ගැන හොදටම පැහැදිලිව හෙළි කරනවා. හදිසි අවස්ථාවක බලාගාරය සම්පුර්ණයෙන්ම ක්‍රියා විරහිත කරන්න AZ-5 බට්න් එක තියෙනවා. මේකෙදි කරන්නේ rector එක ඇතුලතට මේ න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාව නතර කරන්න බෝරෝන් වලින් හදපු පාලක පටි යැවුවා.

එත් ඒ පටි වල තුඩු නිර්මාණය කරලා තිබ්බේ මේ දාම ප්‍රතික්‍රියාව වේගවත් කරන ග්‍රැපයිට් වලින්. ඉතින්, මේ අවස්ථා වන වෙනකොට 4 ප්‍රතික්‍රියාකාරකය තුල දාම ප්‍රතික්‍රියාව පාලනය කරගන්න බැරි නිසා තමයි මේ බට්න් එක එබුවේ. එකෙන් ඇති උනේ තත්වය තවත් දරුණු කරපු එක විතරයි. අවසානයේදී ප්‍රතික්‍රියාකාරකය පුපුරලා ගියා.

පුපුරන අවස්තාව වෙනකොට මෙහි බලය මෙගාවොට් 33,000 දක්වා ඉහල ගියා. 4 ප්‍රතික්‍රියාකාරකය නිර්මාණය කරලා තිබ්බේ මෙගාවොට් 3200 නිෂ්පාදනය කරන්න විතරයි. දාම ප්‍රතික්‍රියාවේ වේගය නිසා හරය තුල අධික තාපයත් මේ නිසා හුමාලය ඉපදවීමත් වැඩි වුනා. අධික පීඩනය හරයට ඔරොත්තු දීමට නොහැකි අවස්ථාවේදී, අලුයම 1:23:45 චර්නොබිල් බලාගාරයේ 4 ප්‍රතික්‍රියාකාරකය පුපුරා ගියා.පිපිරිම නිසා ප්‍රතික්‍රියාකාරකයේ පියන ගැලවිලා ගියා, ඔක්සිජන් ප්‍රතික්‍රියාකාරකය තුලට ගමන් කිරීම නිසා හයිඩ්‍රජන් සහ රත් වුන ග්‍රැපයිට් එක්ක මිශ්‍ර වෙලා දෙවෙනි, විනාශකාරී පිපිරිම සිදු වුනා.

පිපිරීම සිදු වන අවස්ථාව වෙනකොට 4 වෙනි ප්‍රතික්‍රියාකාරකය තුල යුරේනියම් ඉන්ධන ටොන් 180 විතර පැවති බව තමයි කියන්නේ.මුළු ප්‍රමාණයෙන් 95%ක්. මේ යුරේනියම් ඉන්ධන ඇතුළු යකඩ සහ ලෝහ අධික උෂ්නවතය නිසා ද්‍රව බවට පත් වෙලා ප්‍රතික්රියාකාරකය යට ප්‍රසිද්ධ “අලියාගේ පාදය” එහෙම නැත්නම් Elephant's Foot කියලා හදුන්වන ඝන ලාව ගොඩක් බවට පත් වෙලා තියෙනවා. මේක තමයි දැනට ලෝකයේ තියෙන භයානකම වස්තුව. මෙහි විකිරණ ප්‍රමාණය ඉතාමත් විශාලයි. සරවල කිව්වොත් විනාඩියක් මේකට නිරාවරණය වීම පපුවේ ලබා ගන්නා X කිරණ ජායාරුපයක බලය වගේ මිලියන ගුණයකට සමාන වෙනවා.

අලියාගේ පාදය

අවසානයට කියන්නේ තියන්නේ, සිදු වීමෙන් පස්සේ ගත්ත ක්‍රියා මාර්ග සහ අනෙක් දේවල් චර්නොබිල් කතා මාලාවේ තාත්වික ලෙසම නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම පිපිරීමෙන් පස්සේ ප්‍රතික්‍රියාකාරක 3 බල ශක්ති අවශ්‍යතාවයන් නිසා ක්‍රියාත්මක කළා. 3 වෙනි ප්‍රතික්‍රියාකාරකය 2000 වසර වන තෙක් ක්‍රියාත්මක වූ අතර 2000 දී එය සම්පුර්ණයෙන්ම වසා දමනු ලැබුවා. (මෙය නිල වශයෙන් වසා දමන ආකාරය YouTube වල තියෙනවා).

1991 දී 2 වෙනි ප්‍රතික්‍රියාකාරකද 1996 දී 1 වෙනි ප්‍රතික්‍රියාකාරක ද වසා දැම්මා. මේවායේ පැවතී යුරේනියම් ඉන්ධන සියල්ලම ඉවත් කරලා තියෙන්නේ. චර්නොබිල් අනතුර නිසා පරිසරයට මුදා හැරී විකිරණ අපද්‍රවය ඉවත් කිරීමට තවත් වසර ගණනවක් යනු ඇතැයි කියලා තමයි කියන්නේ. ඒ වගේම දැන් වෙනකොට මේ 4 වෙනි ප්‍රතික්‍රියාකාරක වටා වානේ යකඩ වලින් විශාල ආවරණයක් හදලා ඒක සිල් කරලා තියන්නේ.

මේක හදන්න ඇමරිකන් ඩොලර් බිලියන 1.7 වැය වෙලා තියෙනවා. මේකට රටවල් 24 ක් පමණ සහයෝගය දීලා තියෙනවා. මේ අලුත් ආවරණය මගින් තවත් අවුරුදු 100ක් යන තෙක් විකිරණ අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින එක නතර කරන්න පුළුවන් කියලා තමයි යුක්‍රේන රජය කියන්නේ. ඒ වගේම තමයි දැනට රුසියාව තුල RBMK -1000 ප්‍රතික්‍රියාකාරක තියෙන ක්‍රියාකාරී න්‍යෂ්ටික බලාගාර 3ක් තියෙනවා. මේ සියල්ලම 2020 පස්සේ නතරන කරන්න තමයි තියන්නේ. (2021-2034) තව ඉදි කරන්න පටන් ගත්ත ගොඩක් ප්‍රතික්‍රියාකාරක නතර කරලා තියෙනවා. සංචාරකයන්ට ප්‍රතික්රියාකාරක 2 හි පාලන මැදිරියට යන්න පුළුවන් වගේමප්‍රතික්‍රියාකාරක 4 පාලන මැදිරියටත් යන්න පුළුවන්.හැබැයි එකේ පාලක පුවරු ඔක්කොම ගලවලා.

චර්නොබිල් වර්තමානයේ දිස් වන අයුරු

චර්නොබිල් කියන්නේ දැනට කාර්මික ඉතිහාසයේ වුන දරුණුම ඛේදවාචකය නෙවෙයි. ලෝකයේ මෙතෙක් සිදු වුනු දරුණුම ඛේදවාචකය වුනේ වෙන රටක. (අපිට අසල්වැසි රටක්) ඒක ගැන සම්පුර්ණ කතාව දැන ගන්න ඕන නම් කියන්න. වෙන ලිපියකින් කියන්නම්.

කොහොම උනත් මේ අනතුර සිදු වෙලා වසර 35ක් ගත උනත් අදටත් මේ අනතුරෙන් පිට වූ න්‍යෂ්ටික අපද්‍රවය සහ විකිරණ නිසා විවිධ රෝග සහ පිළිකා වලට ලක් වූ පිරිසක් ඉන්නවා. ඒ වගේම මේ කලාපය ඇතුලත චර්නොබිල් ගමේ, තවමත් තමන්ගේම නිවාස වල වාසය කරන ගම වැසියන් කිහිප දෙනෙකුත් ජිවත් වෙනවා. අද වෙනකොට මේ කාලාපයේ ලොව පුරා සංචාරක ආකර්ෂණය දිනා ගත් ප්‍රසිද්ධ ස්ථානයක්.මගෙත් එක ආසාවක් තමයි කවදාහරි මේ කලාපයේ සංචාරය කරන්න. ඉතින් මේ ගැන උනන්දුවක් දක්වන අයට පහල තියෙන වීඩියෝ දෙක බලන්න පුළුවන්.

චර්නොබිල් වල සම්පුර්ණ ජායාරුප මෙතනින් බලන්න.

logo
logo